අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයා වන 42 හැවිරිදි කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සතිය ආරම්භයේ ඔහුට මෙලෙස වෛරසය ආසාදනය වීමත් සමඟ සිය කුටිය තුළ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි.
රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ඔහු වෛද්‍ය උපදෙස් අනුව කොරෝනා වෛරස් මර්දන මාර්ගෝපදේශ පිළිපදින බවද ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කර සිටිනවා.
මීට පෙර ජනපති ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ආර්යාවට මෙන්ම ඔවුන්ගේ බාල පුතු බැරන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කණිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙම්වතිය වන කිම්බර්ලිටද කොරෝනා ආසාදනය වී තිබූ අතර, ඇය ඔහු සමඟ පසුගිය දිනවල රට පුරා මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගි වී තිබුණා.
Discussion about this post