කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති සමඟ සකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී ජනපතිවරයා කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ උන්වහන්සේලා හමුවේ පැහැදිළි කළ අතර රට මුහුණ දී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලු පාර්ශ්වයන් දුන් සහාය අතිමහත් බව අවධාරණය කළේය.

මහා සංඝරත්නයේ නායකත්ව මණ්ඩලයක් හරහා අවවාද අනුශාසනා ලබාගැනීමට නායක ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙකු පැවසු බැවින් මින් ඉදිරියට සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට අපේක්ෂා කරන බවද ජනපතිවරයා මෙහිදී පැවසුවේය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

මෙන්න බලන්න තවත් පුවත්