රජය ක්‍රියාත්මක කළ විධිමත් වැඩපිළිවෙල තුළින් මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ පාලනයක් සිදුකිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රටේ වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව රජයට දැක්වු සහයෝගයට ස්තූතිය පල කරන බවයි.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සමග පැවති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මත ජනතාව කටයුතු කළහොත් වෛරස ව්‍යාප්තිය පාලනය තවදුරටත් පවත්වාගෙන යා හැකි බවයි ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්