කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් අද දින (01) රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති  Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  ප්‍රදානය කරන ලදි.

චීන රජය විසින් මෙරට කොරෝනා වෛරසයට එරෙහි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සදහා ලබාදුන් වෛද්‍ය උපකරණ අතර nebulizer ,Fotitude Kit 2.0,Pulse Oximeter, Infrared Thermometers, Infusion Pumps, Syringe Pump, Suction Apparatus, ECG Machine, X-ray Portable, Defibrillator, Autoclave Table  Top High Flow Oxygen therapy,   ICU Ventilator වන අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 18.35 ක් වේ.

එමෙන්ම China Sinopharm International Corporation ආයතනය විසින් රුපියල් මිලියන 6.33 ක වටිනාකමකින් යුත්  මුව ආවරණ 50,000 ක් ද, PCR Test Kit (N-acid Diagnostic PCR Test kits) 1000 ක් ද ලබාදෙනු ලැබීය.

තව ද අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු සිදු කරන අලිබාබා (Alibaba) ආයතනය විසින්  රුපියල් මිලියන 25.66  මුව ආවරණ( AntiDusk mask )  ලක්ෂයක් ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ

මෙන්න බලන්න තවත් පුවත්