චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම මගී පර්යන්තයක් වෙන් කිරිමට ගුවන්තොටුපළ බලධාරින් කටයුතු කර ඇත.
මේ අතර මෙම වෛරස් රෝගී තත්වය හේතුවෙන් චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටට පැමිණීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. ඒ අනුව බෙයිජිං සහ කැන්ටන් දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා පියාසර කිරීමට නියමිත අතර එහිදී ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් සියයට 50කට මිල අඩුකිරීමක් යටතේ මෙරටට පැමිණීමේ අවස්ථාව උදාවෙයි. මේ අතර චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා බෙයිජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව 0086-10-65321861 හෝ 0086-10-65321862 යන දුරකථන අංක හරහා චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධවිය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්