කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය අර්ධ වශයෙන් යළි විවෘත කර තිබේ.

මාස දෙකකට අධික කාලයක් එම නගරයෙන් පිටවීම සහ එම නගරයට ඇතුළුවීම චීන බලධාරීන් විසින් අත්හිටුවා තිබුණි.

වෛරසයේ ව්‍යාප්තිය වළක්වා දින කිහිපයක් ගතවීමෙන් පසුව එම නගරය වෙත පිවිසෙන්නන් සදහා පමණක් අවස්ථාව ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අනුව නගරයට පැමිණීමට නොහැකිව සිටි විශාල පිරිසක් වූහාන් නගරය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

එහෙත් නගරයෙන් පිටතට යාමට මෙතෙක් කිසිවෙකුටත් අවස්ථාව ලබා දී නොමැත.

මේ අතර රුසියාව තුළ සතියක නිවාඩු කාලයක් ලබාදීමට එරට ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්