චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට ආරම්භ කර ඇත. එහිදී අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය පවසා සිටියේ, චීනයේ සිට පැමිණෙන සංචාරකයින් විශාල ප්‍රමාණයක් හා ලංකාවේ රැකියා බලපත්‍ර ඇති බොහෝ පිරිසක් ඇති බවයි. එබැවින් මෙම පිරිසගෙන් ලංකාවේ දරුවන් හෝ සංචාරකයින් හෝ රැකියා බලපත්‍ර හිමි ඕනෑම අයෙක් ඔවුන් ජීවත් වෙන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂණයට ලක් කරමින් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

විශේෂයෙන් වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි සිසුන් සති දෙකක් යන තුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙන්න බලන්න තවත් පුවත්