උතුර නැඟෙනහිර පළාත් ජනතාව යළිත් වරක් 2005දී  සිදු කළ  වරද යළි නොකළ යුතු බව කඳුරට ජනතා පෙරමුණේ නායක අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

තවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය නුදුරේදීම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය ලබාදෙනු ඇති බවටද අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කරයි. 

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (31දා) නුවරඑළියේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධා ක්‍රිෂ්ණන් මහතා මෙසේද කීය.

උතුරු නැඟෙනහිර පළාත් ජනතාව 2005 වසරේදී කළ වරද නැවතත් සිදු නොකළ යුතුයි. 2005 වසරේදී උතුර නැඟෙනහිර පළාත් දෙමළ ජනතාව ඡන්දය වර්ජනය කළා. එම  වරද හේතුවෙන් ඒ ජනතාවට බොහෝ දුක් ගැහැටවලට මුහුණදීමට සිදුවුණා.  උතුර නැඟෙනහිර පළාත්වල බිම් මට්ටමේ ජනතාවගේ තත්ත්වය සලකා බලා ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් මෙවර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදෙන්නැයි දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටිනවා. 

පසුගිය කාලයේ සිදුවූ වෛද්‍ය වර්ජන සියල්ලම සැලසුම් සහගත ඒවා බව දැන් පෙනී යනවා. ඔවුන් අහිංසක රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබමින් මේ වර්ජන සිදුකර තිබෙන්නේ. එබැවින් මේ තත්ත්වය රටේ ජනතාව වඩාත් හොඳින් අවබෝධ කර ගත යුතුයි.

මෙන්න බලන්න තවත් පුවත්