කොරෝනා වෛරසය ආසාදනය වී ලන්ඩන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුවය පතා ලෝක නායකයින් රැසක් ද පණිවුඩ නිකුත් කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ද ඊට අයත්.

මෙන්න බලන්න තවත් පුවත්