අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වු ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්ව සිදුකරන ගොවින්ගෙන් එළවළු හා පලතුරු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද(15) ආරම්භ වෙයි.

මෙම වැඩසටහනේ දෙවන අදියර අද සහ හෙට(16) යන දෙදින තුළ දි අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්රන කරගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රට තුළ පවත්නා ඇඳිරි නීති තත්වය හේතුවෙන් තම නිශ්පාදන අලෙවි කර ගැනීමේ ගැටළුවට මුහුන දි සිටින ගොවින් වෙත සහනයක් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

එම වැඩසටහනේ පළමු අදියර පසුගිය 11 සහ 12 යන දෙදින තුළ පවත්වනු ලැබීය.

එහි දි එළවළු කිළෝ ග්‍රෑම් දස ලක්ෂයක් මිලදි ගෙන දිවයින පුරා බෙදාහැරීමේ ක්‍රියාන්විතය සාර්ථකව සිදුකළ බව අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වු ජනාධිපති කාර්යය සාධන බලකාය සඳහන් කළේය.

සෘජුවම ගොවීන් වෙත ගොස් අදාළ මිලදි ගැනීම් සිදුකරන බැවින් අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව විනිවිදභාවයකින් යුතුව මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන බව එම බලකාය ප්‍රකාශ කළේය.

ගොවි ජනතාවට උපරිම සාධාරණය ඉටු වන පරිදි සියලු මිලදි ගැනීම් සිදුකරන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා එම කාර්යය සාධන බලකායට උපදෙස් ලබා දි ඇත.

මෙන්න බලන්න තවත් පුවත්