පසුගිය පැය 24 ක කාලය තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 2,429 දෙනෙකුට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගුවන් පහසුකම් ලබාදී තිබෙනවා.
ඒ අනුව ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ ගුවන් මගීන් 855 දෙනෙකු ගුවන් යානා විස්සකින් දිවයිනට පැමිණ ඇති බවයි.
ඉන් 133 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට සහ 81 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණ තිබුණා.
එමෙන්ම පැය 24 ක කාලය තුළ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති ගුවන් මගීන් සංඛ්‍යාව 574ක්.
Discussion about this post