මෙරට ප්‍රධානතම ගොල්ෆ් ක්‍රීඩා සමාජවල සාමාජිකයන්ට චීනවරාය ඊගල්ස් ලින්ක් ගොල්ෆ් පිටියට පැමිණ ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව දීමේ අරමුණින් 2013 වසරේදී ආරම්භ කළ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලිය මේ වන විට අතිශයින්ම ජනප්‍රිය තරගාවලියක් බවට පත් වී ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා.
ගොල්ෆ් ක්‍රීඩා වාර්ෂික කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන ගුවන් හමුදාපති කුසලාන (Commander’s cup) ගොල්ෆ් තරගාවලිය හෙට (23) චීන වරායේ ඊගල්ස් ලින්ක් ගොල්ෆ් පිටියේදී පැවැත්වෙනවා.
වසර 2011දී එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබු ගුවන් හමුදාවට අයත් චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටිය ගුවන් හමුදාවේ සහ සෙසු හමුදාවල සාමාන්‍ය සොල්දාදුවන් අතර, ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් සහ ඔවුන්ට ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවීමට අවස්ථාව දීමේ අරමුණින් යුතුව ආරම්භ කරනු ලැබුවත් අද වන විට අන්තර්ජාතික තරගාවලියක් පවත්වමින් මෙරට ජාතික තලයේ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පවා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ පිටියක් වී ඇතැයි ගුවන් හමුදාපතිවරයා කියා සිටියා.
එසේම ගොල්ෆ් ක්‍රීඩකයකු ද වන ගුවන් හමුදාපතිවරයා කියා සිටියේ චීනවරාය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ කාලයේදී මේ ගොල්ෆ් පිටිය සම්පූර්ණ කරමින් විවෘත කිරීමට හැකිවීම ගැන අතිශය සතුටට පත්වන බවයි.
එමෙන්ම ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ
“ගුවන් හමුදාපතිවරයා හැටියට මගේ ලොකුම හීනය තමයි අන්තර්ජාතික මට්ටමේ තරගාවලි මේ රටට ගෙන්වා ගැනීම. ඒ මට්ටමට අවශ්‍ය පහසුකම් සහිතව මේ පිටිය දියුණු කරලා සංචාරක ව්‍යාපාරයට සමගාමීව රටට ආදයමක් එන ගොල්ෆ් පිටියක් හැටියට පරිවර්තනය කිරීම තමයි මගේ බලාපොරොත්තුව” බවයි
Discussion about this post