මාර්තු සහ අප්‍රේල් මාස සඳහා ප්‍රවාහන ගාස්තු සම්පූර්ණයෙන් නොගෙවන්නේ නම් තම දරුවන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කරන බවට පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ට අනතුරු අඟවා ඇති බව “Daily Mirror” පුවත්පත වාර්තා කරනවා.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් රටේ පවතින අර්බුදය සැලකිල්ලට ගනිමින් අපේ‍්‍රල් මාසය සඳහා ප‍්‍රවාහන ගාස්තු ලබා නොගන්නා ලෙස ප‍්‍රවාහන අමාත්‍යාංශය පාසල් වෑන් රථ රියදුරන්ට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත්, සමස්ථ ලංකා පාසල් වෑන් රථ මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා පවසා ඇත්තේ පාසල් වෑන් රථ රියදුරන්ට මාසික වාහන බදුගෙවීම් (Vehicle Lease) ඇතුළුව තවත් වියදම් පියවීමට ඇති බවයි.

නිවාඩු කාලය තුළ පවා ගාස්තු අයකරගැනීමේ පදනමකට දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව පාසල් වෑන් රථ රියදුරන් සේවය සැපයූ බව ඔහු සඳහන් කරයි.

මල්සිරි ද සිල්වා මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ එක් මාසයක පවා ගාස්තු නොගෙවීම මඟින් වෑන් රථයේ රියදුරුගේ ආදායමට එය බරපතල බලපෑමක් ඇති කරන බවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මාර්තු මාසයේ ඇඳිරි නීතිය පනවනු ලැබූ දින සිට ඇඳිරි නීතිය ඉවත් කරන තෙක් මසකට ගෙවිය යුතු සම්පූර්ණ ගාස්තු නොගෙවන්නේ නම් දරුවන් ප්‍රවාහනය නොකරන බවට සියලු දෙමාපියන්ට දැනුම් දීමට ඔවුහු තීරණය කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්