ජනප්රිය ප්රවීන ගයක නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් කියන්නෙත් ජනප්රිය ගායකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක්.
මේ දිනවල ගයාන් ගැන බොහෝ දෙනා කතා වෙනවා.
ඒ ගයාන් ගේ ආදරය, විවාහය වැනි කාරණා ගැන.
මේ ගැන ගයාන් සිය මුහුණු පොත හරහා උත්තර දීලා තිබ්බේ මෙහෙම.
“ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්.. මේ ටික කාලෙට මට මිනිස්සුන්ගෙ ආදරේ හිතපු නැති විදිහට නොඅඩුව ලැබුනා.. දැන් ආයෙත් කතාවක් පටන් අරන්.. කවදාවත් දැකලා නැති කාලද බීලද හොඳින්ද කියලා හොයපු නැති සමහර අය
මචං උඹ බැන්දද?
උඹගෙ කෙල්ල කවුද ?
ආයි සෙට් උනාද?
ඇයි බං හොරෙන් මැරි කලේ..
සිරාවටම පැනලා ගියාද?
කියලා අහනකොට දැනෙන හැඟීම ඒ සතුට 🤣🤪
මනුස්සයෙක්ට වටිනම සහ උවමනාම දේ මානසික නිදහස.. මේ අහන දේවල් වලින් ඒ දේ බිංදුවටම වැටිලා…
ඔහොම නෙවේ කොහොම ඇහුවත් කියන්න තියෙන්නෙ එකම උත්තරෙ…මම මැරි කරලා නෑ.. මට කෙල්ලෙකුත් නෑ.. ජීවිතේ මට ඊට වඩා අරමුණු තියෙනවා… හීන තියෙනවා.. ඒ දේවල් ඉටු කරගන්න ඕනෙ..
මගෙ ආදරේ මගෙ අම්මා මගෙ තාත්තා මගෙ අක්කා විතරයි… අදත් හෙටත් ඉස්සරහටත් ඒ දේ වෙනස් වෙන්නෙ නෑ…
කතා කරපු කතා හදපු ලඟින් හිටපු දාල ගියපු හැමෝටම ආදරෙයි… ❤️”
Discussion about this post