• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 8:04 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනපති “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී කියයි

2021-01-09 ‍| 11:01 pm
ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනපති “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී කියයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිතුමා කියා සිටින්නේ විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බවයි.

සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපතිතුමා සඳහන් කළ අතර ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිතුමා විපක්ෂයෙන් ඉල්ලා සිටියා.

මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කරති. පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දනිති. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ “ගම සමග පිළිසඳර” පස්වන වැඩසටහනට අද (09) උදෑසන අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින්.

2020 සැප්තැම්බර් මස 25 වැනි දින “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙන් ආරම්භ වූ අතර වැඩසටහනේ දෙවැන්න මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාකඩ, තෙවැන්න බලංගොඩ ඉඹුල්පේ, රාවණාකන්ද සහ සිව්වැන්න කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානවලදී පැවැත්විණ.

අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිතුමාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.

ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි.

වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර, සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.

වන ජිවි සහ වන සංරක්ෂණ මැනුම්වලදී රක්ෂිත ලෙස සළකුණු කිරීම හේතුවෙන් පාරම්පරික හේන් ගොවිතැනින් ඉවත් වීමට සිදුවීම ලාතුගල ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ගැටළු අතර ප්‍රධාන තැනක් ගනී.

දිවයිනේ සියලු ගම්වල පාරම්පරිකව වගා කටයුතු සිදු කරන ගොවීන්ට මින් ඉදිරියට වනජීවි හෝ වන සංරක්ෂණ හෝ වෙනත් කිසිඳු ආයතනයක බලපෑමකින් තොරව වගාව කරගෙන යාමට ඉඩ හැරීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව ජනාධිපතිතුමා ජනතාවට දැනුම් දුන්නා.

ඊට අනුගතව ජනතාවට සහය වන්නනැයි දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා.

ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු එකකි. නිලධාරීන් ප්‍රශ්න දෙස බලන විදිය තවත් ආකාරයකි. කොළඹ සිට මත හදන අයගේ අදහස් ඊටත් පරස්පරය. මේ නිසා නිලධාරීන් සිය කාර්යාලවලට සීමා නොවී ගමට ගොස් සැබෑ ජනතා ගැටළු හඳුනාගෙන විසඳුම් දිමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා.

අසනීප තත්ත්වයකදී ප්‍රතිකාර ගැනීමට කි.මි 16ක් දුරින් වූ උහන ඩිස්පැන්සරියට හෝ කි.මි 24ක් දුරින් පිහිටි අම්පාර රෝහලට හෝ යාමට ජනතාවට සිදු වෙයි. ඊට විසඳුමක් ලෙස අවට ගම්මාන රැසක ජනතාවට සේවාව සැපයෙන පරිදි බොක්කබැද්ද ග්‍රාමයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ලාතුගල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් සහ ක්‍රිඩාපිටියක් ඉදිකර දීමටත්, පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් දීමටත් තීරණය කෙරිණ. උහන විද්‍යාලෝක විද්‍යාලය, වළගම්පුර විද්‍යාලය, උහන වෑරැන්කැටගොඩ මහා විද්‍යාලය, ගලහිටියාගොඩෙ, ප්‍රියංගල, රජගල, නුගේතැන්න සහ උහන තිස්ස, අම්පාර ජාතික යන විදුහල්වල ගුරු හිඟයට නොපමාව පිළියම් යොදන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නා.

අම්පාර, ලාතුගල මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ. ලාතුගල – බොක්කබැද්ද – ඇතුල්ඔය දක්වා මාර්ගය, බක්මිටියාව – පන්නල්ගම, මහඔය – කුරුදුවින්න මාර්ගවල වැඩ කඩිනමින් අවසන් කිරීමට ද නියම කෙරිණ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ මාර්ග කි.මි 1150ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ මාර්ග සංවර්ධන කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමේ දී වගකීමෙන් ඉටුකළ හැකි පිරිසට පමණක් පවරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

කෘෂිකාර්මික ක්‍රියාකාරකම්වලට ප්‍රධාන බාධාවක්ව පවතින ජල අවශ්‍යතාවට පිළියමක් ලෙස කොටපත්දමන වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය. ජනතාවගේ පානීය ජල ගැටළුව කෙරෙහි ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය. ලාතුගල ගම්මානයට අයත් අතුරු මාර්ගවල ජල නළ ඇතිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා කඩිනමින් පානීය ජල ගැටළුවට විසඳුම් දෙන්නැයි කියා සිටියා.

රඹකැන්ඔය ජලාශයෙන් පදියතලාවට ජලය සැපයීමටත්, ටැම්පිටිය, පූනාවලි, මල්ලියතිව් ඇතුළු ගම්මාන රැසකට පානීය ජල පහසුකම් සම්පාදනයටත් තීරණය කෙරිණ. යෝධකණ්ඩිය, කොටපත්දමන, ලාතුගල, හුලංනුගේ, හඳපාදාගම අතුළු වැව් කඩිනමින් පිළිසකර කිරීමට තීරණය විය.

ලාතුගල ග්‍රාමයට පොහොර ගබඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 03ක් ලාතුගල සහ විද්‍යාලෝක විද්‍යාලවල විදුහල්පතිවරුන්ට හා සිසුන්ට භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්.ඩි. වීරසිංහ, තිලක් රාජපක්ෂ, ඒ.එල්.එම්. අතාවුල්ලා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් ලාතුගල “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

ShareTweetSendShare

Related Posts

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්
Local

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
5
කාලගුණයෙන් රතු නිවේදනයක්
Local

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
2
Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි
Local

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
4
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
4
කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති
Local

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
4
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට
Local

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් මාර්ගෝපදේශ යටතේ හැටට වැඩි අයට හෙට සිට එන්නත්

2021-03-07
3
Next Post
DHL මූලික වී ලොව පුරා කොවිඩ්-19 එන්නත බෙදා හැරේ

DHL මූලික වී ලොව පුරා කොවිඩ්-19 එන්නත බෙදා හැරේ

කාලගුණයෙන් රතු  නිවේදනයක්

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු තද වැසි

Discussion about this post

MORE LOCAL NEWS

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ...

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
0
2

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම්...

Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
0
4

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
0
4

තවත් කොරෝනා ආසාදිතයින් 290ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති...

කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
0
4

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස...

Sports News

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk