දකුණු කොරියාවෙන් ගත වූ පැය 24 තුළ කිසිදු කොවිඩ් නයින්ටීන් මරණයක් වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. 

වෛරස ආසාදිතයින් 6 දෙනෙකු පමණක් ගත වූ පැය 24 තුළ හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් අවම වශයෙන් වාර්තා වූ පළමු දිනය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හඳුනාගැනීම, ඔවුන් හුදෙකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම හේතුවෙන් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීම අවම අගයක් ගැනීමට හේතු වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මේ වන විට දකුණු කොරියාවේ පුද්ගලයින් 240 දෙනෙකු මියගොස් ඇති අතර ආසාදිතයින් 10,708 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්