දියවන්නා ඔය ආශ්‍රිතව පවත්වා ගෙන යනු ලැබූ මහා පරිමාණ මත්පැන් පොළක් කොළඹ, සුරාබදු නිලධාරීන් විසින් වැටලීමට සමත්ව තිබේ.

සුරාබදු නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම ඊයේ(06) දිනයේ දී සිදු කර ඇත.

එහිදී මත්පැන් ප්‍රවාහනය කරමින් තිබු රථයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයෙක් විසින් දෙන ලද තොරතුරු මත අදාළ ප්‍රදේශයට ගොස් වැටලීම සිදු කර තිබේ.

මත්පැන් ගෝඩා ලීටර් 28000 ක්, මත්පැන් ලීටර් 800 ක් හමුවී ඇති අතර එහි වෙළඳ පොළ වටිනාකම ලක්ෂ 10 ක් වන බව සුරාබදු පරීක්ෂක ජී.ඩී. අජන්ත මහතා පැවසීය.

ප්‍රදේශයේ තිබෙන සියලූම නීති විරෝධී මත්පැන් හල් වැටලීමට නියමිත බවත් මෙම ස්ථානයෙන් මුළු කොළඹ නගරයටම මත්පැන් බෙදා හරින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්