• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 10:30 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරිමට සැලසුම්

2021-03-15 ‍| 2:32 pm
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරිමට සැලසුම්
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ගවල පවතින රථවවාහන තදබදයට පිලියම් යෙදවීම සඳහා වාහන තදබදය අධිකව පවතින ස්ථානවල ගුවන් පාලම් ඉදිකිරීම, උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග (By pass road) මාර්ග තදබදය පවතින ප්‍රදේශ මගහැර වෙනත් ප්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා 2021 වසරේ අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අදහස් කළේ 2021 වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා ව්‍යාපෘතීන් පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග 12.03.2021 වන දින අමාත්‍යාංශීය ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමේ දීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

මේ යටතේ කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් ස්ථාන වල ගුවන් පාලම් ඉදිකිරීමට මේ වන විට මූලික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව කොහුවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, බාලදක්ෂ මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම සහ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම වේ. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ ගුවන් පාලම ඉදිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී.

කොළඹ සහ බොහොමයක් නගරවල අධික රථවාහන තදබදයට බලපාන හේතුව ක්‍රමවත් පදික මාරු නොමැති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා රථවාහන තදබදය අවම කිරීමටත් රථවාහන අනතුරු ප්‍රමාණය අඩුකර පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගෙන උමං පදිකමාරු සහ ගුවන් පදිකමාරු ඉදිකිරීම සැලසුම් කර ඇති බව සඳහන් කරන ලදී. ඒ අනුව රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, රාජගිරිය ජනාධිපති විදුහල අසල උමං පදිකමාරුවක් ඉදිකිරීම, කොට්ටාව උමං පදික මාරුවක් ඉදිකිරීම, රත්නපුර උමං පදික මාරුවක් ඉදිකිරීම, මොරටුව වේල්ස් කුමර විදුහල හා වේල්ස් කුමරි විදුහල් අසල උමං පදිකමාරු 2ක් ඉදිකිරීම, බොරැල්ල කාසල් රෝහල අසල ගුවන් පදික මාරුවක් ඉදිකිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

අධික රථවාහන තදබදයන් සහිත නගරවල එම රථවාහන තදබදය පවතින නාගරික ප්‍රදේශ මගහැර, නගරයෙන් පිටතට යන රථවාහන සඳහා පහසුකම් සැලසීම සඳහා අතුරුමාර්ග (By pass road) ඉදිකිරීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව රත්නපුර, වරකාපොළ, රාගම යන ප්‍රදේශවල එම මාර්ග ඉදිකිරීමේ දී ඉදිකරන බව ප්‍රකාශ කරන ලදී.

අධික රථවාහන තදබදය මගහැර ගමන් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ යුතු විකල්ප මාර්ග ලෙස කිඹුලාවල, රෝහල් පාරේ අංශක 90 වංගුවේ සිට පන්නිපිටිය, තොරණපාර හරහා බොරුපන මාර්ගය සංවර්ධනය කරන බව පෙන්වා දෙන ලදී. මෙම මාර්ගය සංවර්ධන කිරීම තුළින් බත්තරමුල්ල ප්‍රදේශයේ සිට ඉතා කෙටි කාලයකින් රත්මලාන ගුවන් තොටුපළට හා ගාලුපාරට ලඟා විය හැක.

මාලඹේ නගරයේ පවතින අධික රථවාහන තදබදය මගහැර බත්තරමුල්ලේ සිට කඩුවෙල දෙසටත් කඩුවෙල සිට බත්තරමුල්ල දෙසටත් ගමන් කරන වාහන සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවත හා තලාහේන අතර විකල්ප මාර්ගයක් සංවර්ධනය කිරීමට යෝජිතය. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සිට අතුරුගිරිය දක්වා විකල්ප මාර්ගයන්ද සංවර්ධනය කෙරේ.

ShareTweetSendShare

Related Posts

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්
Breaking News

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
14
කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
Breaking News

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
4
කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට
Breaking News

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
26
මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි
Breaking News

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
37
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය
Breaking News

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
153
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

දින 05ක් තුල රිය අනතුරු වලින් ජිවිත හානි 52ක් : බීමත් රියැදුරන් 1800 කට අධික පිරිසක් අත්අඩංගුවට

2021-04-18
10
Next Post
කොළඹ තැන තැන අහඹු PCR පරීක්ෂණ (PHOTOS)

කොළඹ තැන තැන අහඹු PCR පරීක්ෂණ (PHOTOS)

ජපාන රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ලාංකික තරුණියක් ජිවිතක්ෂයට

ජපාන රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ලාංකික තරුණියක් ජිවිතක්ෂයට

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
14

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
4

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
26

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
37
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk