ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා.
වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියාසිටියේ පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් එම නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇති බවයි.
ඒ අනුව මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා පැවැත්වීම නතර කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවටත් අනතුරු ඇඟවීය.
Discussion about this post