අද පෙරවරු 9 සිට හෙට අලුයම 5 දක්වා පැය 20 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සැපයෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.
ඒ අනුව, කොළොන්නාව නගර සභා ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
Discussion about this post