පන්නිපිටිය ප්‍රදේශයේ මහා මාර්ගයක් මැදදී රියදුරෙකුට අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු ඇති ඇති අතර කොස්තාපල්වරයා වැඩ තහනමකටද ලක්ව ඇත.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කර ඇත.
නඩුව නැවත කැඳවීම සමග එම කොස්තාපල්වරයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියෝග කර තිබේ.
Discussion about this post