කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගෙන ඇති ශ්‍රීලාංකිකයින් අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහය ගුවන් නියමුවෙකු ද  වේ. 

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරන්නේ ඔහු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. 

එම නිලධාරියා අවසන් වරට පසුගිය පෙබරවාරි 28 වැනිදා සිංගප්පූරුව වෙත පියාසර කර ඇති අතර ඉන් පසුව ඔහු කටයුතු කළ සියලු ගුවන් ගමන් ආපසු හරවා පැමිණීමේ ගුවන් ගමන් බව එම ගුවන් සේවය නිවේදනය කරයි. 

ඔහු සමඟ රාජකාරී කළ සියලුම ගුවන් කාර්යය මණ්ඩල සාමාජිකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් කොට ස්වයං නිරෝධායනට උපදෙස් දී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. 

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මේ වන විට රටවල් 162ක ව්‍යාප්ත වී ඇත.  

නවතම දත්තවා ර්තාවන්ට අනුව ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 82,412 දෙනෙකු වාර්තා වේ.  

එම වෛරස් ආසාදනය වු 7,157 දෙනෙකු මියගොස් ඇති බව ද සදහන්. 

79211 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

මෙන්න බලන්න තවත් පුවත්