පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට පවසා තිබෙනවා.
ජනාධිපතිතුමා මේ බව කියා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟාකර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනයට ගනිමින් අද (09) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීයි.
ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ,
“මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ වේ. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත්කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුනතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුය. ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල නොවිය යුතුයි.
“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛත්වය දී තිබේ. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැකසෙන නිශ්චිත අරමුණක් සහිත තනි විෂය නිර්දේශයක් යටතේ පෙර පාසලේ සිට උපාධිය දක්වා අධ්‍යාපන ක්‍රමවේද සැකසීම තවත් අරමුණකි”.
ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත්අ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්යාපන සේවා රාජ්ය අමාත්යාංළශය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති සැලසුම් වෙන් වෙන්ව ජනාධිපතිවරයා විසින් විමර්ශනය කෙරිණ.
Discussion about this post