බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 10දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා.
කොළඹ දිස්ත්‍රික්ක ආර්ථික මධ්‍යස්ථාන සභාපති කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ අද (4) සිට ක්‍රියාත්මක වන පරිදි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය දින හතරක් වසා දැමීමට කටයුතු කළ බවයි.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ වෙළෙන්ඳන් අතර එළවළු, පලතුරු සහ විවිධ වෙළදාමේ යෙදෙන පුද්ගලයන් වන බව වාර්තා වනවා.
ඒ අනුව ලබන සඳුදා වන විට ආර්ථික මධ්‍යස්ථාන විෂබීජානුහරණය කිරීමෙන් පසු විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වෙළෙන්දන් සඳහා ද පී.සී.ආර් පරීක්ෂණ හෙට(05) දිනයේදී සිදු කරන බව කොළඹ දිස්ත්‍රික්ක ආර්ථික මධ්‍යස්ථාන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Discussion about this post