ඇදිරිනීතිය යොදාගනිමින් සමාජ දුරස්තකරණය සිදුකිරීමට රජය දරන වෑයම, ජනතාව වෙත අවබෝධකරදීම සදහා ඉන්දියාවේ සුරාත් නගරයේ පොලිසිය සිදුකළ අපූරු රංගනයක් කාගේත් අවධානය දිනාගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ලෝකය පුරා රටවල් රැසක් විවිධ පියවර ගනිමින් සිටියි.

මෙම කරුණ සැලකීමේදී ඉන්දියාව කැපී පෙනෙන්නේ සාමාන්‍යයෙන් රටවල් භාවිතකරන ක්‍රමවේදවලට වෙනස් වූ අපූරු ක්‍රමවේද යොදාගන්නා රාජ්‍යයක් ලෙසයි.

ඒ අනුව යමින් ජනතාව දැනුවත් කිරීමට ඉන්දියාව යොදාගත් තවත් අපූරු පියවරකි.

සුරාත් නගරයේ පොලිස් නිලධාරීන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආකාරයට සැරසූ හිස්වැසුම් වලින් මෙසේ සැරසී සිටියේය.

ඔවුන් කොවිඩ් තේමාවට අනුව පලිහක්ද සකස් කරගෙන තිබු‍ණේ කාගේත් අවධානය දිනාගනිමින්ය.

ඇඳිරිනීතිය නොසලකමින් මාර්ගයේ පැමිණෙන රියදුරන් නවත්වාගන්නා පොලිසිය, දිගින්දිගටම ඔවුන් වෙත අවධාරණය කර ඇත්තේ, සෑම විටකම නිවසේ රැදී සිටින ලෙසයි.

එමෙන්ම සමාජ දුරස්තකරණයෙන් වටිනාකමද ඔවුන් මෙහිදී අවධාරණය කර සිටිනවා.

රියදුරන් දැනුවත් කිරීමට අමතරව වීදි වෙලෙන්දන් දැනුවත්කිරීමටත් පොලිසිය කටයුතු කර තිබේ.

එමෙන්ම ඔවුන් ගෙන්ගෙට ගොස් නිවැසියන් දැනුවත්කිරීමටත් කාලය යොදාගෙන තිබුණි.

ඉන්දීය පොලිසිය පසුගිය කාලසීමාවේදී , ඇදිරිනීතිය කඩකරන්නන් වෙත දැඩි පියවර ගන්නා ආකාරයක් දක්නට ලැබුණු නමුත්, සුරාත් පොලිසියේ මෙම ක්‍රියාව ඉතාමත් සාධණීය බව නගරයේ වැසියන්ගේ මතයයි.

මෙන්න බලන්න තවත් පුවත්