ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ රටවල් 10 අතරින්, වෛරසය මුලින්ම ආරම්භ වූ චීනය ඉවත්ව තිබෙනවා.ඒ අනුව මේ දක්වා වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබූ 10 වැනි රට ලෙස සිටි චීනය පසු කරමින්, දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය අලුතින්ම ඉදිරියට පැමිණ 10 වැනි තැනට පත්ව ඇති බවයි විදෙස් වෙබ් අඩවි පෙන්වා දෙන්නේ.

මේ වනවිට වේගයෙන් වෛරසය පැතිර යන රාජ්‍යයක් ලෙස බ්‍රසීලය සැලකෙන අතර, එරට තුළ ආසාදිතයන් 87,187ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්