කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 755 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම පුද්ගලයින් අතරින් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් 07 දෙනෙක්ය. ඉතිරි පුද්ගලයින් 748 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 369කි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 175 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 18කින් නව කොවිඩ් ආසාදිතයින් එලෙස වාර්තා වී ඇත. කොවිඩ්-19 වෛරසය ආසාදනය වු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 59,921කි.
ඉන් පුද්ගලයින් 51,048 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,588 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙරට තුළ වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළගොස් තිබේ..
නව ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් සටහන් කර ඇත.
කොළඹ – 369
ගම්පහ – 124
කළුතර – 80
කුරුණෑගල – 29
මහනුවර – 23
මාතලේ – 22
ගාල්ල – 18
මාතර – 17
මුලතිව් – 15
අම්පාර – 15
අනුරාධපුරය – 14
යාපනය – 06
පොළොන්නරුව – 06
පුත්තලම – 05
නුවරඑළිය 02
හම්බන්තොට – 01
මඩකලපුව – 01
වව්නියාව – 01
Discussion about this post