• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 12:31 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

කොලිවුඩයට ගිය අපේ හෙළවුඩ් තරු ද්විත්වය – Photos

2021-02-10 ‍| 8:59 am
කොලිවුඩයට ගිය අපේ හෙළවුඩ් තරු ද්විත්වය – Photos
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය සිනමා ලෝලීන්ගෙන් පවා විශාල ප්‍රතිචාරයක් ලැබුණු, ආශ්වාදනීය, සම්මානලාභී මලයාලම් සිනමාපටයක් තමයි 2019 වර්ෂයේදී තිරගත වුණු ඇන්ඩ්‍රෝයිඩ් කුන්ජප්පන් වර්ෂන් 5.25 (Android Kunjappan – Version 5.25) කියන්නේ.

මේ මලයාලම් අනුවාදයේ දෙමල අනුවාදය ලබන වසරේදී ප්‍රේක්ෂකයා අතරට මුදාහරින්නට කොලිවුඩ් සිනමාව සූදානමින් ඉන්නවා.

ඒ ‘ගූගල් කුට්ටප්පන්’ (Google Kuttappan) නමින්.

ඉතින් මේ නවතම දමිළ සිනමා සිත්තමේ ප්‍රධාන නළු නිලි දෙපල විදිහට රංගනයෙන් දායක වෙන්න සුවිශේෂී වාසනාවක් ලැබිලා තියෙන්නේ ශ්‍රී ලාංකේය කඩවසම් තරුණයෙකුට සහ රූමත් තරුණියකට. ඒ යාපනය ප්‍රදේශයේ වෙසෙන තර්ශන් ත්‍යාගරාජා සහ කිලිනොච්චිය ප්‍රදේශයේ ලොස්ලියා මරියනේෂන්.

මලයාලම් සිනමාවෙන් අපි බොහෝවිට දකින ප්‍රේමණීය කතා වෘත්තාන්තයන්ට වඩා වෙනස් කතාවකින් කුන්ජප්පන් නමැති රොබෝ යන්ත්‍රයක් සහ මහලු පුද්ගලයෙකු අතර සිදුවන සුන්දර ගනුදෙනුවක් පිලිබඳ අතිශය ජනාදරයට පත් සිනමාපටයක් තමයි ඇන්ඩ්‍රෝයිඩ් කුන්ජප්පන් කියන්නේ. වර්තමානය වනවිට මලයාලම් සිනමාවට නැතුවම බැරි නළුවන් කිහිපදෙනෙක් තමයි මේ මලයාලම් අනුවාදයේ රංගනයෙන් දායක වුණේ. ඒ මහළු පියාගේ චරිතයට සූරජ් වෙන්ජෙරාමූදු, පුතාගේ චරිතයට සූබින් ශහීර් සහ ඔහුගේ මිත්‍රයා ලෙස සයිජු කුරුප්.

නැවත වතාවක් දමිළ අනුවාදයක් ලෙස ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට නියමිත ගූගල් කුට්ටප්පන් හරහා ප්‍රධාන නළු නිළි දෙපළ ලෙස රංගනයෙන් දායක වන ලොසියා සහ තර්ශන්ටනම් කොලිවුඩ් සිනමාව කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි. අපිට හුරුපුරුදු නළු නිළි දේපලක් නොවුණත් මේ දෙදෙනාම වර්තමානය වනවිට ඉන්දීය සිනමා කර්මාන්තය තුළ යම්තාක් දුරකට පැමිණ ඇති දේපලක්.

1990 වසරේ සැප්තැම්බර් 17 වැනිදා යාපනයේදී උපත ලද තර්ශන් තයාගරාජා කියන්නේ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් (APIIT) මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක් ලෙස අද්‍යාපනය හාදෑරූ අයෙක්. කෙටිකලකදී එංගලන්තයේ වර්චුසා ආයතනයේ ඉහල ශ්‍රේණියේ රැකියාවක් හිමිවෙන්නේ ඔහුගේ ඇති සුවිශේෂී දක්ෂතා හේතුවෙන්. එහි පස් වසරක සේවයකින් අනතුරුව උසස්වීමක් ලැබී තිබියදී වුවත් රැකියාව හැරදා ඔහු යලිත් ලංකාවට පැමිණෙන්නේ කුඩා කල සිටම සිහිනයක් වූ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමටයි.

එලෙසින් ඔහුට 2014 වසරේදී Mr. Sri Lanka for Mr. International කියන නිරූපණ තරඟාවලියේ ජය කිරුළ හිමිකර ගැනීමත් සමඟ ඒ සිහිනයට මාර්ගයක් විවෘත වෙනවා. එතනින් පස්සේ තර්ශන් සතුව ඇති ආකර්ශනීය කඩවසම්භව හේතුවෙන් දිගින් දිගටම වෙළඳ දැන්වීම් රාශියක මෙන්ම මෝස්‌තර නිරූපණ අවස්තාවන්ට ද පෙනී ඉන්නට අවස්ථාව ලැබෙනවා.

තර්ශන්ගේ ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ කෙසේ හෝ ඉන්දියානු සිනමාවට සම්බන්ධ වෙන එක. ඉන්දියාවේදී ද විවිධ වෙළඳ දැන්වීම්වල පෙනී සිටි තර්ශන්ට 2018 වර්ෂයේදී ශිව භාරති කුමරන් විසින් අධ්‍යක්ෂණය කළ ‘වරෙන්නා වෙන්ඩුම්’ නමැති දමිල චිත්‍රපටියේ සතුරාගේ චරිතයට පණ පෙවීමට අවස්තාව හිමි වෙන්නේ ඔහුගේ ජිවිතේ සදානුස්මරණ අවස්තාවක් ලෙස එම සිද්ධාන්තය සනිටුහන් කරමිනුයි. එත් සමඟම තර්ශන්ගේ වාසනාවන්ත පෙනුමට තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණද අවාසනාවට ඒවා ලත් තැනම ලොප් වුණා. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වූ වරෙන්නා වෙන්ඩුම් චිත්‍රපටයද තවමත් තිරගත වී නෑ.

නමුත් කෙසේ හෝ තමන්ගේ අනන්යතාවය නිරූපණ ක්ෂේත්‍රය තුළ රඳා පවත්වාගැනීමට දක්ෂ වූ තර්ශන්ට සහ ලොස්ලියාට 2019 වසරේදී ඉන්දියාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වූ ප්‍රවීණ ඉන්දීය නළු කමල් හසන් විසින් මෙහෙයවන ලද Big Boss තෙවැනි වටයට සහභාගී වීමට හැකියාව ලැබෙනවා. ජීවිතයේ ලැබූ නවමු හැරවුම් ලක්ෂයක් ලෙස එම වැඩසටහන මගින් ඔවුන්ට ඉන්දියාව තුළ ඔවුන්ගේම රසික පිරිසක් බිහි වෙනවා.

1995 වසරේ මාර්තු 24 වැනිදා කිලිනොච්චියේදී උපත ලද ක්‍රිස්තියානු ජාතික ඇය ලොස්ලියා මරියනේසන්. ත්‍රිකුණාමලය මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයෙන් අද්‍යාපනය හදෑරූ ඇය පේරාදෙණිය සරසවියේ ආදී ශිෂ්‍යාවක්. 2012 වසරේදී ඇය ශක්ති රූපවාහිනී නාලිකාවට
බැඳෙන්නේ පුවත් නිවේදිකාවක ලෙසයි. ඉන්පසු නිරූපණය හැදෑරීම සඳහා ඉන්දියාවට යන ලොස්ලියාට ඇයගේ මිතුරියන්ගේ මාර්ගයෙන් තර්ශාන්ට මෙන්ම Big Bossහි තෙවැනි වටයට සහභාගී වීමට හැකියාව ලැබෙන්නේ ඇයටත් ඉන්දියානු සිනමාවේ නව මාවතක් විවර කරදෙමින්. එම තරඟාවලියේදී ඇය ගායනා කළ ispade rajavum idhaya raniyum චිතපටයේ ජනප්‍රිය ගීතයක් වන කන්නම්මා ගීතයෙන් ලොස්ලියා ඉන්දියාව තුළ විශාල ආකර්ෂණයක් දිනාගත් තරුණියක් භවට පත්වෙනවා.

කෙසේ වෙතත් ඇයට Big Bossහි ලැබූ ජනප්‍රියතාවය හේතුවෙන් විවිධ නිර්මාණයන් සඳහා ආරාධනා ලැබෙනවා. ඒ අනුව ලොස්ලියා හට ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ නළුවකු වන අර්ජුන් ශර්ධා සමඟ Friends නමැති චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක රංගනයෙන් දායක වීමට වාසනාව හිමි වන්නේ එය ඇයගේ ප්‍රථම චිත්‍රපටය බවට පත්කරමිනුයි. නමුත් තර්ශන්ගේ චිත්‍රපටය මෙන්ම මෙම චිත්‍රපටයත් මෙම වසරේ තිරගත කිරීමට නියමිතව තිබුනත් තවමත් නිසි දිනයක් ප්‍රකාශයට පත්කර නෑ.
රූගත කිරීම් අවසන් නමුත් තවමත් ප්‍රදර්ශනය නොඇරභූ ඔවුන් දෙදෙනාගේ ප්‍රථම චිත්‍රපට ද්විත්වය එසේම තිබියදී ඇතැම්විට ගූගල් කුට්ටප්පන්ට ඔවුන් දෙදෙනාගේ සිනමා වාසනාව නැවත නැවුම් මුහුණුවරකින් ගෙන ඒමට හැකියාව ලැබෙනු ඇත.

කරුණු කාරණා කෙසේ සිදු වුණත් පුංචි සන්දියේ සිටම නිරූපණයට ඇලුම් කෙරූ තර්ශන් ත්‍යාගරාජාටත් පියවරෙන් පියවර විවිධ ක්ෂේස්ත්‍රයන් ඔස්සේ ගමන් කර ඉන්දීය සිනමාවට අත්පොත් තැබූ ලොස්ලියා මරියනේෂන්ටත් 2021 වර්ෂයේදී තිරගත කිරීමට නියමිත ගූගල් කුට්ටප්පන් හරහා මෙතෙක් හෙමිහෙමින් ආ ගමනේ සිහින ජීවිතයට වේගවත් නව මාවතක් විවර වනවා නොඅනුමානය.

මෙතෙක් කතා කළ ප්‍රධාන චරිතවලට අමතරව සබාරි සහ සරවනන් විසින් අධ්‍යක්ෂණය වන ගූගල් කුට්ටප්පන්හි යෝගී බාබු, මාලා පාර්වතී, රාජේෂ් මාධවන්, සිවදාස් කන්නූර්, උන්නි රාජා සහ රෙන්ජි කන්කෝල් සහයක චරිත නිරූපණය කිරීමට නියමිතය. පෙබරවාරි 15 වැනිදා සිට චෙන්නායි, පොලාචි සහ තෙන්කාසි ප්‍රදේශයන්හි රූගතකිරීම් ඇරබිමට නිෂ්පාදකයින් තීරණය කර ඇත.

  • එරංදි කෞශල්‍යා

ShareTweetSendShare

Related Posts

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos
Gossip Mania

නෙහාරාගේ පුංචි මෙලීට මාස තුනයි – Photos

2021-03-02
8
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි
Gossip Mania

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos
Gossip Mania

සිනෙති අකිලාගේ Anniversary shoot එක – Photos

2021-03-01
4
විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos
Gossip Mania

විනූ සිරිවර්ධන 6th Month ඇනිවසරි එක සමරයි – Photos

2021-03-01
17
කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos
Gossip Mania

කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු ඡායාරූප – Photos

2021-03-01
11
ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි
Local

ප්‍රේත දෝෂය ඉවත් කිරීමට දැරියකට වේවැලකින් පහර දෙයි – දැරිය මියයයි

2021-02-28
4
Next Post
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

මගේ මෝඩකම් නිසා මම වෙනකාටවත් දොස් කියන්නේ නැහැ – කේ. සුජීවා

මගේ මෝඩකම් නිසා මම වෙනකාටවත් දොස් කියන්නේ නැහැ - කේ. සුජීවා

Discussion about this post

MORE LOCAL NEWS

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2021-03-02
0
3

ගිනි අවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාල සීමාව තවදුරටත් දීර්ඝ...

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

අත් පිරිසිදුකාරක ආනයනය හා අලෙවි කිරීම සම්බන්ධව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2021-03-02
0
5

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වීමෙන් තොරව අත් පිරිසිදුකාරක ආනයනය කිරීම...

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

තවත් නිෂ්පාදන 350කට පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පැනවෙයි

2021-03-02
0
5

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය...

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

දුර්ලභ මත්ස්‍ය වරල් හා කරමල කිලෝ 460ක් හොංකොං රාජ්‍යයට රැගෙන යාමට තැත් කළ අයෙකු රේගු භාරයට

2021-03-02
0
4

දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වරල් කිලෝ 300ක් සහ මත්ස්‍ය කරමල කිලෝ 160ක්...

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

2021-03-02
0
4

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද දිනට යෙදී තිබෙනවා. ගුවන් හමුදා...

Sports News

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
1
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk