මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්ත වෙමින් පවතී. මෙම ආසාදනයෙන් මිදීම සඳහා ආයුර්වේද ජිවන දර්ශණය බෙහෙවින් උපකාරී වෙයි.

මෙම COVID-19 වෛරසය ශ්වසන මාර්ගය හරහා සම්ප්‍රේෂණය වේ. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ මෙහිදීද ඇති වේ. මේ දින වල බොහෝ දෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණ පැවතිය හැකි අතර එය බිය විය යුතු තත්වයක් නොවේ. නමුත් ඔබ අසාදිත පුද්ගලයකු සමඟ යම් ආකාරයක ගනුදෙනු සිදුකර ඇත්නම් හෝ රෝගය ව්‍යාප්තව පැවති රටක සිට පැමිණි අයකු නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

? අවධානම් කණ්ඩායම්
======================

?. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්

?. ශ්වසන ආබාධ වලින් පෙළෙන අය

?. ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයින්

?. ගැබිණි හා කිරිදෙන මවුවරුන්

?. කලක සිට බෝ නොවන රෝග වලින් පෙලෙන අය (දියවැඩියා, පිළිකා, හතිය, අධිරුධිර පීඩනය,…)

?. අධික ලෙස කය වෙහෙසන සහ නිදි වරන පුද්ගලයන්

?. දුම් පානය හා මත්ද්‍රවය භාවිතා කරන්නන්

? රෝග ලක්ෂණ :-
=================

• පළමුව වෛරසය උගුරට ආසාදනය වේ. උගුරේ වියළි ගතියක් දින 3-4 ක් පවතී.

• උණ,කැස්ස,නාසය සිරවීම, හිසරදය, උගුරේ වේදනාව වැනි රෝග ලක්ෂණ පසුව ඇති වේ.

? කොරෝනා වෛරස අසාදනයෙන් වැළකීමට…

?. නිතර සබන් යොදා අත් සේදීම.

?. අපිරිසිදු අත් වළින් මුහුණ ස්පර්ශයෙන් වැළකීම.

?. පොදු ස්ථාන සහ සෙනඟ රැස්වන ස්ථාන වලට යාම සීමා කිරීම. අවශ්‍ය විට මුහුණු ආවරණ පැළදීම.

?. ප්‍රතිශක්තිය වඩන පෝෂණ ගුණයෙන් සපිරි දේශීය ආහාර පාන වැඩිපුර ගැනීම.

?. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් වැඩි තුනපහ, කුළුබඩු, දෙහි, සියඹලා, සුදුළුනු වැනි ද්‍රව්‍ය වැඩිපුර ආහාරයට ගැනීම.

?. ආහාර පාන උණුවෙන් ගැනීම. සීත කළ ආහාර භාවිතය අවම කිරීම.

?. පාන්පිටි, කිරිපිටි, කෘතිම ආහාර, මස් මාංශ, වැනි ආහාර භාවිතය අවම කිරීම.

?. උණු කර නිවා පෙරා ගත් පිරිසිදු පානීය ජලය භාවිතය. (දිනකට වතුර ලීටර් 03ක් පමණ)

?. මානසික සෞඛ්‍ය දියුණු කර ගැනීම. (පිරිත්, භාවනා, යෝග ආදිය)

?. රාත්‍රී කාලයේ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම (පැය 8-10 ත් අතර) සහ දහවල් නිදා ගැනීමෙන් වැළකීම.

?. පරිසරයේ පවිත්‍රතාව සඳහා නිවාස වල දොර ජනෙල් විවෘත කර හිරු එළිය වැටීමට සැලැස්වීම සහ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි ආදිය හොඳින් වියළා ගැනීම.

?. අවට පරිසරයේ හා නිවාස වල විෂබීජහරණය සඳහා ඖෂධීය දුම් ඇල්ලීම. (මේ සඳහා අගිල්,ගුගුල්, දේවදාර, පෙරුම්කායම්, දුම්මල, කොහොඹ කොළ, කැකුණ ඉටි, මදුරුතලා, කුරුඳු කොළ ආදී ද්‍රව්‍ය පොල් කටු අඟුරු වලට දමා දුම් ඇල්ලිය හැක.)

? වෛරස රෝග නිවාරණය සහ ශරීර ප්‍රතිශක්ති වර්ධනය…
================================

පෝෂණ ඌණතාවයන් හේතු කොටගෙන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වේ. මේ හේතුවෙන් යම් විෂබීජ ආසාදනයක් ඇතිවූ විට ඊට මුහුණ දීමට ඇති හැකියාව දුර්වල වේ. මේ හේතුවෙන් රෝග වලට ඉතා පහසුවෙන් ගොදුරු වේ.

දිනපතා ආහාරයෙන් සිරුරට ලැබිය යුතු පෝෂණ කොටස් 91ක් පමණ ඇත. ඛණිජ අම්ල 12ක්, මේද අම්ල වර්ග 02ක් මේ අතර ඇත.
එබැවින් මෙම පෝෂණ කොටස් අඩංගු වස විසෙන් තොර දේශීය ආහාර පාන දිනපතා ආහාරයට එක් කර ගත යුතුය.

? ප්‍රතිශක්තිය වඩන දේශීය ආහාර පාන
=================================

?. දේශීය සහල් වර්ග

• කළුහීනැටි
• පච්චපෙරුමාල්
• කහවනු
• මඩතවාලු
• සුවදැල් ආදී සහල් වර්ග…

?. පලතුරු වර්ග

• දොඩම්
• දෙළුම්
• නෙල්ලි
• ගස්ලබු
• පේර
• වෙරළු
• බෙලි
• කොමඩු
• කාමරංකා
• කෙසෙල්
• අනෝදා ආදී පලතුරු වර්ග…

?. දේශීය අල වර්ග

• ඉන්නල
• රාජල
• හුලන්කීරිය
• දන්දින්නල
• කටු අල
• කිරිඅල
• කුකුළල ආදී අල වර්ග…

?. පලා වර්ග

• තම්පලා
• සාරණ,
• ගොටුකොළ
• නිවිති
• කතුරුමුරුංගා
• මුරුංගා කොළ ආදී පලා වර්ග…

?. දේශීය එළවළු වර්ග

• එළබටු
• තිබ්බටු
• කරවිල
• කෙසෙල්බඩ
• කොහිල
• තුඹ
• පොලොස්
• කෙසෙල්මුව
• අළුකෙසෙල් ආදී එළවළු වර්ග…

?. දේශීය පාන වර්ග

• පොකුරු වදමල් තැම්බූ වතුර
• තැඹිලි
• පොල් වතුර
• කොළ කැඳ
• පළතුරු යුෂ
• බෙලි මල්
• රණවරා
• ඉරමුසු, ආදී පාන වර්ග…

?. ඖෂධීය කැඳ වර්ග

මේවා අක්මාවේ නීරෝගි බව වැඩි කරගැනීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගැනීමට හේතු වේ. මේ සඳහා

• කොක්මොට
• මුස්සැන්ද කොළ
• ගොටුකොළ
• උඳුපියලිය
• යකිනාරං
• බටු කොළ
• මොණරකුඩුම්බිය
ආදී කොළ වර්ග සමඟ දේශීය සහල් වර්ග යොදා සදා ගැනීම වඩා උචිතය.

දිනපතා විවිධ ආහාර වර්ග 05 ක් පමණ ආහාරයට එක් කර ගැනීමද, තම ප්‍රදේශයේ වැවෙන ආහාර පාන බහුලව ආහාරයට ගැනීමද ඔබේ නිරෝගී භාවයට හේතු වේ.

? කොරෝනා මැඩලීමට දේශීය ඔසු ?
============================

?. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, සුදුළූණු 20g බැගින් ගෙන වතුර කෝප්ප 04 ක් දමා 01 ට සිඳ බොන්න.

?. ඉඟුරු, වෙනිවැල්ගැට, කොත්තමල්ලි, කටුවැල්බටු, එළබටු මුල් 10g බැගින් ගෙන වතුර කෝප්ප 04 ක් දමා 01 ට සිඳ බොන්න.

?. කටුවැල් බටු, සුවඳ කොට්ටම්, ඉඟුරු, රසකිඳ, ඉරිවේරිය කලං 02යි මදට 08 ට බැගින් ගෙන ගෙන වතුර කෝප්ප 08ක් දමා 01 ට සිඳ උදේ සවස කෝප්ප භාගය බැගින් මීපැණි තේ හැන්දක් දමා බොන්න. (දින 05ක්)

?. වදකහ සහ පෙරුම්කායම් කැබැල්ලක් සිරුරේ පළදින්න.

? වැදගත් . . .

• කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර සෛලයක විෂ්කම්භය මයික්‍රෝ 400ක් 500ක් පමණ වේ. මේ නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් හරහා වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වයි.

• වෛරසය වාතයේ නොරැඳේ. එසේම පොළොවට පතිත වන වෛරසය පාවහන් මඟින් සම්ප්‍රේෂණය විය හැක.

• වෛරසය ලෝහ මතුපිටක් මත වැටුණු විට ජීව කාලය පැය 12 කි. එබැවින් සබන් යොදා අත්සේදීම ප්‍රමාණවත්ය.

• වෛරසය රෙදි මත වැටුණු විට ජීව කාලය පැය 09 කි. ඇඳුම් සේදීම හෝ පැය දෙකක් හිරුට නිරාවරණය කිරීම මගින් වෛරසය විනාශ කළ හැකිය.

ශ්‍රී ලංකාව දුපතක් වීමත් සමකයට ආසන්නව පිහිටා තිබීම, වසර පුරාම ඉහළ උෂ්ණත්වයක් පැවතීම ආදී කරුණු නිසා අප පරිසරය ක්ෂුද්‍රජීවි වර්ධනයට ස්වාභාවිකවම ප්‍රතිරෝධයක් දක්වයි.

බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු ඉහළ සෞඛ්‍ය සාක්ෂරතාවයකින් යුතු ප්‍රතිශක්තිය වැඩි ජනතාවක් වෙසෙන අප රට තුළ කොරෝනා වෛරසය පැතිරීමේ ඉඩ කඩ අවම වේ.

මෙන්න බලන්න තවත් පුවත්