ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවූයේ කොරෝනා වෛරසය හේතුවෙන් බොහෝ රටවල තරුණ පිරිස් සඳහා වැඩි අවධානමක් පවතින බවයි.

එම සංවිධානයේ වෛද්‍යවරියක් වන මාරියා වැන් කෙර්කොව් සඳහන් කර ඇත්තේ විවිධ රෝගාබාද වලට ලක්වූ තරුණ තරුණියන් රැසක් හමුවී ඇති බවයි.

යුරෝපයේ රටවල් ගණනාවක තරුණ පිරිස් මියයන ආකාරය දැකගත හැකිවු බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ඇතැම් පුද්ගලයින්ට විවිධ රෝගාබාධ තිබුණද, බොහෝ පිරිස් වෛරසය හේතුවෙන් පමනක් මිය ගොස් තිබෙනවා.

ඇතැම් රටවල් තවමත් මෙම වෛරසයේ භායානක තත්ත්වය හදුනාගෙන නැති බවත්, පරියේෂකයන්ද වෛරසය පිළිබඳ තවමත් අධ්‍යයනය කරමින් සිටින බවත් ඇය සඳහන් කර තිබෙනවා.

මෙම වෛරසය වයසක පුද්ගලයින්ට සහ විවිධ රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින්ට පමනක් වැළදෙන බව සිතීම වරදක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වැඩසටහන් අංශයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මහතා සඳහන් කර ඇත්තේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ඉතාලියේ දැඩි සත්කාර ඒකක වල සිටින පුද්ගලයන්ගෙන් 15%ක් පමන අවුරුදු 50ට වඩා අඩු පුද්ගලයින් බවයි.

මෙන්න බලන්න තවත් පුවත්