සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි රමීර් රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, තවත් එක්සත් අරාබි රමීර් රාජ්‍ය ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීමත් සමගයි.
තරගාවලිය ආරම්භ වීමට පෙර ද එම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.
කෙසේ වෙතත්, පළමු තරගය සැලසුම් කළ පරිදි පසුගියදා පැවැති අතර, අද (10) පැවැත්වීමට නියමිත වූ දෙවැනි තරගය ලබන 16 වනදා දක්වා කල් දමා තිබෙනවා.
Discussion about this post