සෞදි පාලක රාජකීය පවුලේ සාමාජිකයින් 150 ක් පමණ මෑත සතිවල දී කොරෝනා වෛරසයෙන් ආසාදනය වී ඇති බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කරයි.

70 හැවිරිදි වියේ පසුවන රියාද් අගනුවර ආණ්ඩුකාරවරයා වන, සෞදි කුමරු ෆයිසාල් බින් බන්ඩාර් බින් අබ්දුලාසීස් අල් සෞද් වෛරසය වැළඳීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහල් වාර්තා, එරට වෛද්‍යවරුන් සහ රාජකීය පවුලට සම්බන්ධ අයගේ මූලාශ්‍ර උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් (MBS) වසංගතය පැතිර යාම වළක්වා ගැනීම සඳහා රට හුදෙකලා තත්වයකට පත් කර ඇත.

රාජකීයයන්ට ප්‍රතිකාර කරන ප්‍රභූ රෝහලක අපේක්ෂිත විශාල ගණනක් වන ප්‍රභූ රෝගීන් සඳහා තවත් ඇඳන් 500 ක් සූදානම් කර ඇත

ප්‍රභූ රෝහල් වල රාජකීයයන් සඳහා ඉඩ ඉතිරි කර ගැනීම සඳහා ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඊට වඩා සාමන්‍ය මට්ටමක රෝහල් වල ප්‍රතිකාර ලබා දෙන බව සඳහන් වේ.

සෞදියේ කුමාරවරු දහස් ගණනක් සිටිති. ඉන් බොහෝ දෙනෙක් නිතිපතා යුරෝපයට සංචාරය කරන අතර ඒ අතරින් ඇතමෙක් විදේශයන්හීදී වෛරසය ආසාදනය වී සෞදි අරාබියට වෛරසය ගෙන ආ බව විශ්වාස කෙරේ.

මිලියන 33 ක පමණ ජනතාවක් සිටින සෞදි රාජ්‍යයේ රෝගීන් 2,932 ක් සහ මරණ 41 ක් වාර්තා වී තිබේ.

ඉස්ලාමයේ ශුද්ධම ස්ථාන වන මක්කම සහ මෙදීනාහි නිජබිම වන එරට, මාර්තු මුලදීම උම්රා වන්දනා ගමන තහනම් කර එම ප්‍රදේශ මුද්‍රා තැබීය.

මේ දක්වා ආසාදනය වීම බහුලව දක්නට ලැබෙන්නේ රාජකීය පවුලේ පහළ මට්ටමේ සාමාජිකයින් අතර බව පැවසේ.

නමුත් රට පුරා පැතිර යත්ම, 84 හැවිරිදි සල්මාන් රජු, ජෙඩා හි දූපතක පිහිටි මාලිගාවක හුදෙකලා වාසයට ගොස් ඇති අතර අතර, ඔටුන්න හිමි කුමාරයා රතු මුහුදේ වෙරළබඩ ස්ථානයකට වාසයට ගොස් තිබේ.

“අධ්‍යයනවලින් සිදු කරන අනාවැකි වල පළ වන්නේ ඉදිරි සති කිහිපය තුළ අවම වශයෙන් 10,000 සිට 200,000 දක්වා පරාසයක රෝගීන් ගණනක් හමුවනු ඇති බවයි” යැයි සෞදි නිල මාධ්‍ය ඒජන්සිය පවසයි.

සෞදි රාජකීය පවුලේ සාමාජිකයන් 15,000 ක් පමණ සිටින බවට ගණන් බලා තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්