එක්සත් රාජධානිය තුල කොරෝනා මැඩලීමේ සටනට එරට අගමැති එළැඹෙන සඳුදා සිට නැවත එක්වීමට සැලසුම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොවිඩ්-19 ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ පවා දින තුනක කාලයක් ප්‍රතිකාර ලැබූ අගමැතිවරයා ඉන් සුවය ලබා “චෙකර්ස් ” හි පිහිටි ඔහුගේ නිවසේ කල් ගෙවීය

අගමැතිවරයා තම සහයකයින්ට පවසා ඇත්තේ ලබන සතියේ කැබිනට් අමාත්‍යවරුන් සමඟ රැස්වීම් ආරම්භ කරන ලෙසයි.

දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද, ජොන්සන් නැවත වැඩ ඇරඹීමට සුදානම් බවත් ඔහු ශක්තිමත් හා ධෛර්යසම්පන්න අයෙකු බවත් සඳහන් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්