කොරෝනා රෝගයට ගොදුරු වූ පුද්ගලයින් වඩාත් පහසුවෙන් මානසික රෝගවලට ගොදුරුවීමේ අවදානමක් මතුව ඇතැයි බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් පිරිසක් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ පර්යේෂණයට බඳුන්කළ රෝගීන්ගෙන් 20%ක් රෝගයෙන් සුවය ලබා දින 90ක් ගතවීමටත් පෙර මෙසේ මානසික රෝගවලට ගොදුරුවූ බවයි.
ඉන් බහුතරයකට කාන්සිය, විශාදය සහ නින්ද නොයාම වැනි රෝග සුලබ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
එමෙන්ම මෙම පිරිස් අතර මොළය දුර්වල කරන ඩිමෙන්ෂියා සංකූලතාවද බහුලව දක්නට ලැබෙන බවත් සඳහන්.
බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් පිරිසක් නිකුත් කළ මෙම වාර්තාව සැකසීමේදී සුවය ලැබූ අමෙරිකානු කොවිඩ් රෝගීන් මිලියන 69කගේ විද්‍යුත් දත්ත පරික්ෂාවට ලක්කර තිබුණා.
එහිදී 62,000ක් පමණ පිරිසක් මානසික රෝගවල ගොදුරු බවට පත්ව ඇති බව ඔවුන් පවසනවා.
Discussion about this post