නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇත.

අමෙරිකාවේ ප්‍රදේශ රැසකින් මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.

එක් එක් ප්‍රදේශවල වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට අන්තර්ජාලය ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරමින් ජනතාව තුළ අනියත බියක් ඇතිකිරීමට මෙම පිරිස් කටයුතු කරමින් සිටින බව සඳහන්.

කොරෝනා වෛරසය හේතුවෙන් මහජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවදානමක් අමෙරිකාව තුළ මේ වන විට නොමැති බවයි අමෙරිකානු රජය අවධාරණය කර ඇත්තේ.

මෙන්න බලන්න තවත් පුවත්