ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරුවී තිබේ.

වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි.

ඇය මේ වන විට ඉතාලියේ බ්‍රේෂියා(Brascia) ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ශ්‍රී ලාංකිකයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්