කොරෝනා වෛරසයෙ නිසා රෝහල්ගතව සිට සුවය ලැබූ 101 හැවිරිදි පුද්ගලයෙකු සිය නිවෙස වෙත පිටත් කර තිබේ. ඉතාලි නගරයක් වන රිමිනි හි නියෝජ්‍ය නගරාධිපති ග්ලෝරියා ලිසි විසින් මේ බව ප්‍රකාශ කරන ලදී. “පී. මහතා” යන නමින් හඳුන්වන මෙම මහලු පුද්ගලයා පසුගිය සතියේ ඊසානදිග ඉතාලියේ රිමිනි රෝහලකට ඇතුළත් කරනු ලැබීය.

ඔහු බ්‍රහස්පතින්දා නිරෝධායනයනය අවසන් කළේය. මීට අමතරව, නගරාධිපතිවරයා පැවසුවේ මෙය සැබවින්ම අසාමාන්‍ය දෙයක් බවත් අවුරුදු සියයකට වඩා වයසැති මිනිසෙකුගේ සුවය ලැබීම “අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක්” ලබා දෙන බවත්ය.

මෙම තැනැත්තා උපත ලැබුවේ 1919 දී ය. ස්පාඥ්ඥ උණ වසංගතය ගෝලීය වශයෙන් මිලියන 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක් මරා දැමීය. පළමුවන ලෝක සංග්‍රාමය හා දෙවන ලෝක යුද්ධය අතර ඔහු හැදී වැඩුණු අතර දැන් ඔහු ඉතාලියේ COVID-19 වලින් සුවය ලැබූ වයස්ගතම රෝගියා බවට පත්විය.

මෙන්න බලන්න තවත් පුවත්