වාචික ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීනයේ පැතිර යන කොරෝනා වෛරසයෙන් අපේ රටට සිදුවිය හැකි බලපෑම්වලින් ආරක්ෂා වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විමසීමක් කළේය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ප්‍රශ්නය සදහා පිළිතුරු ලබා දෙමින්දෙමින් ප්‍රකාශ කළේ චීනය ඇතුළු රටවලින් ගුවන් මඟින් මෙරටට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව විශේෂ අවදානයක් යොමුකර ඇති බවයි. උණ රෝග ලක්ෂණ පවතින ගුවන් මගීන් පිළිබඳ ගුවන් යානය තුළදීම දැනුම්වත් කර ඔවුන් පරීක්ෂා කිරීම සඳහා ගුවන් තොටුපළ පරිශ්‍රයේ සෞඛ්‍ය ඒකකයක් ස්ථාපිත කර ඇති බව ඇය සඳහන් කළේය. එසේම චීන ජාතික දරුවෙකු උණ රෝග ලක්ෂණයකින් පෙළීම හේතුවෙන් අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේය

මෙන්න බලන්න තවත් පුවත්