පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාධිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු පහසු කිරීම සඳහා නිර්මාණය කළ රොබෝවක් අද (05) එම රෝහලට භාරදුන්නා.

පෞද්ගලික ආයතනයක් විසින් මෙම රොබෝව නිරිමාණය කර, භාරදීම සිදුකෙරුනේ පොළොන්නරුව මහ රෝහලේදීයි.

කොරෝනා රෝගීන්ට අවශ්‍ය ආහාර පාන ආදිය සැපයීම, වෛද්‍යවරුන්ට රෝගීන්ගේ තත්ත්වය පරික්ෂා කිරීම වැනි අවශ්‍යතා රැසක් මෙම රොබෝව උපයෝගී කරගනිමින් සිදුකර ගත හැකියි.

එකවර කිලෝ ග්‍රෑම් 60ක බරක් මෙම රොබෝව උපයෝගී කරගෙන ප්‍රවාහනය කළ හැකි බවයි එහි නිර්මාණකරුවන් කියා සිටියේ.

මෙම රොබෝවක් විදේශ රටකින් ආනයනය කළ හොත් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වැය වෙන අතර දේශීයව නිර්මාණය කළ මෙම රොබෝව සඳහා පිරිවැය ලෙස වැය වී ඇත්තේ ලක්ෂ 05ක පමණ මුදලක්.

මෙන්න බලන්න තවත් පුවත්