කොරෝනා පරීක්‍ෂණ නිසි ආකාරයෙන් සිදු නොකෙරෙන හෙයින් රජය විසින් එළිදක්වන කොවිඩ් -19 සංඛ්‍යාලේඛන නිවැරදි නොවන බව විශ්වාස කිරීමට සමගි ජන බලවේගයට හේතු ඇති බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

බ්‍රහස්පතින්දා(16) චීනයෙන් පරීක්ෂණ උපකරණ කට්ටල 20,000ක් රජයට ලැබී ඇති අතර මීට පෙරද ඒ හා සමාන තොගයක් එරටින් ලැබී ඇති නිසා මෙරට තුළ සිදුකරන පරීක්ෂණ ගණන වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවසීය.

රජය දැනටමත් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට උත්සුක වෙමින් සිටින බව හිටපු අමාත්‍යවරයා චෝදනා කරනවා

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ පාසල් හා විශ්ව විද්‍යාල නැවත විවෘත කළ යුත්තේ ශ්‍රී ලංකාව කොවිඩ් -19 වෙතින් සම්පූර්ණයෙන්ම නිදහස් වූ බව සහතික කිරීමෙන් පසුව පමණක් බවයි.

පාසල් හා විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමට රජය ගත් තීරණය දැඩි දෝශ දර්ශනයට ලක් කරමින් බෞද්ධ භික්ෂුවක් පවා අදහස් දක්වා ඇති බව ඔහු මෙහිදී සඳහන් කරන ලදී.

මෙන්න බලන්න තවත් පුවත්