වෛරසය ආසාදිත වූ මාස 04ක් වයසැති බිළිඳෙකු සුවය ලැබූ පුවතක් චීන මාධ්‍ය ඊයේ දිනයෙදී වාර්තා කළේය.

මව්පියන්ට වෛරසය ආසාදනය වී නොතිබුණු අතර බිළිඳා වෛරසයට ගොදුරුව තිබුණේ වයස මාස 03ක්ව තිබියදීයී.

මාසයක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ දරුවා රෝහලෙන් නික්ම ගියේ හයිනැන් පළාතේ සුවය ලැබූ ළාබාලතම දැරිය ලෙස වාර්තා අතරට එක්වෙමින්.

මේ අතර ආසාදිත මවක විසින් නිරෝගී දරුවෙකු බිහිකළ පුවතක්ද චීන මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ඇයට දරුවා තමන් ළඟ තබා ගැනීමට ඉඩ නොලැබෙන අතර විශේෂ ප්‍රතිකාර ඒකකයේ හෙදියන් විසින් දරුවා රැක බලා ගැනෙයි.

මෙන්න බලන්න තවත් පුවත්