කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය රුපියල් කෝටි 51 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට පිහිටවූ “පුරවැසි ආධාර හා හදිසි අවස්ථා සහන අරමුදල” සදහා මෙම පරිත්‍යාගය සිදුකර ඇති බව සඳහන්ය.

කොවිඩ්-19 වෛරසයට එරෙහිව සටන් කිරීම සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා එම අරමුදල ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පිහිටුවා තිබේ.

වර්තමානය වන විට දරුණු මානුෂීය ගැටළුවක් බවට පත්ව ඇති මෙම ව්‍යසනයට එරෙහිව මුහුණදීම සඳහා සහය ලබාදීමේ අපේක්ෂාවෙන් එම මුදල් පරිත්‍යාග සිදුකිරීමට කටයුතු කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි ප්‍රකාශ කර ඇත.

කොවිඩ්-19  වසංගතයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙලට සහය ලබාදීම සදහා ප්‍රවීණ සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලක් සහ ඉන්දීය පිතිකරු සුරේෂ් රයිනා විසින්ද ඉන්දීය රුපියල් කෝටි 52 ක මුදලක් මීට පෙර පරිත්‍යාග කර තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්