ඉන්දියාව තුළ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ස්ථාපිත අරමුදලට සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

අදාල අරමුදල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්පසුගිය සෙනසුරාදා දිනයේ හදුන්වාදෙනු ලැබුවේය.

මේ වන විටත් ව්‍යාපාරික, ක්‍රීඩා හා රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ එරට ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම එම අරමුදල සදහා මූල්‍ය පරිත්‍යාගයන් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් එම අරමුදල සඳහා බැර කර ඇති අතර එය මේ දක්වා සිදුකළ ඉහලම පරිත්‍යාග මුදල ලෙසයි සැලකෙයි.

මෙන්න බලන්න තවත් පුවත්