කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් නිවෙස් තුලට වී රැඳි සිටි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නව වැඩසටහනක් ආරම්භ කර ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඒ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වසර 45ක කාලය තුළ සංවිධානය කළ තරඟවලින් සුවිශේෂී තරඟ යළි විකාශය කිරීමට තීරණය කරමින්.

ඒ අනුව 1975 වසරේ සිට මෙතෙක් පැවැති සුවිශේෂී ක්‍රිකට් තරඟ  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ෆේසේ බුක්, යූ ට්යුබ් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ යළි විකාශය කිරීමට සැලසුම් කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ජගත් ක්‍රිකට් පිටියේ සැලසුම් කර තිබූ සියලු තරඟ මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදුව තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්