වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැඳවූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර පුනරුත්ථාපන හා පාලන කොමසාරිස් චන්දන ඒකනායක පවසන්නේ දැනට ප්‍රතිකාර ලබන රැඳවූවන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයෙන් එකසිය දොළහක් පමණ මහර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බවයි.
එසේම බන්ධනාගාර රෝහල් ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු ඉතිරි කණ්ඩායම වෛද්‍ය උපදෙස් මත වෙනම වාට්ටුවක තැබීමට ද තීරණය කර තිබෙනවා.
මේ වනවිට ඊයේ (09 වැනිදා) දින බන්ධනාගාරවලින් ආසාදිතයන් තිදෙනකු හමුවීමත් සමග බන්ධනාගාර ආසාදිතයන් ගණන එකසිය හත දක්වා ඉහළ ගියා.
Discussion about this post