නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් තවත් බන්ධනාගාර රැදවියන් පිරිසක් මුදාහැරිමට ඉරාන රජය තීරණය කර තිබේ. 

ඒ අනුව බන්ධනාගාර රැදවියන් 10,000ක පිරිසක් නිදහස් කිරිමට ඉරාන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මීට පෙර ද රැදවියන් 85,000ක පමණ පිරිසක් නිදහස් කිරිමට ඉරාන රජය පියවර ගෙන තිබුණි. 

කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වූ තුන්වන රට ලෙස සැලකෙන ඉරානයේ මේ වන  විට ආසාදිතයින්17,000කට වැඩි පිරිසක් සහ මරණ 1100ක් වාර්තා වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්