කොරෝනා ගැන දැනුවත් කරන්න ඩ්‍රෝන තාක්ෂණය
 

විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනු දියුණු රටවල දක්නට ලැබේ.

ඒ අනුව යමින් මාරාන්තික නව කොරෝනා වෛරස් රෝගය පාලනය සඳහා ප්‍රංශයත් ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන තිබුණි.

නව කොරෝනා වෛරසය අසාධනය වීමෙන් වැළකීමට සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් ප්‍රංශයේ දකුණුදිග නිස් නගරයට ඩ්‍රෝන යානා යෙදවීමට එහි පොලිසිය පියවර ගෙන තිබුණි.

දුරස්ථ සන්නිවේදන පාලන ක්‍රම ඔස්සේ නගරවල සැරිසරන අතැම් පුද්ගලයින් සොයාගොස්  දුර පරතරයක්  තබාගන්නා ලෙස අවවාද කිරීමටත් මෙහිදී විශේෂයෙන් කටයුතු කෙරුණි.

චීනයෙන් ආරම්භ වී යුරෝපය කේන්ද්‍ර කරගෙන මේ වනවිට ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එම වෛරසය අන් අයට බෝවීම වැළැක්වීම සඳහා මෙන්ම එයින් ආරක්ෂා වීමට ඇති හොඳම විකල්පයක් වන්නේ තම නිවාස තුළටම වී සිටීමයි.

එමෙන්ම යම්කිසි රාජකාරියක් වෙනුවෙන් තම වාසස්ථානයෙන් පිටතට යන්නේ නම් නියමිත උපදෙස්  පිළිපැදීම තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාවට වැදගත්.

ප්‍රංශය මෙම රෝගය පාලනය කිරීම සඳහා විවිධාකාරයෙන් කටයුතු කරමින් සිටියි.

ඒ අතරදී ඔවුන් ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් එළිමහනේ ගත කරන ජනතාව හඳුනාගමින් ඔවුන්ට වෛරසයෙන් ආරක්ෂා වීමට උපදෙස් දීමට කටයුතු කිරීම සුවිශේෂයි.

මෙන්න බලන්න තවත් පුවත්