අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අතරින් යම් පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
මේ අතර, නියෝජ්‍ය පොලිස්පති,පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළඹ නගරය තුළ ආසාදිත බවට පත්ව ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා අද (10) දිනයේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් ද පොලිස්පතිවරයා විසින් පත්කර ඇති බවයි.
Discussion about this post