කොරෝනා වෛරස ආසාදිත තවත් මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ් අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස අද(22) වාර්තා වූ මරණ දෙක දංකොටුව සහ කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් සහ වයස අවුරුදු 72ක් පමණ වූ කාන්තාවකි.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පිරිමි දරුයනු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගැනීමෙන් පසුව කොළඹ IDH රෝහල වෙත මාරු කර ඒවා තිබෙනවා. ඒම රෝහලේදී ඒම පිරිමි දරුවා අද(22) මියගොස් ඇති බවත් මරණයට හේතුව ලෙස කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂවීම සහ උග්‍ර වූ ලියුකේමියා තත්ත්වය සටහන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මේ අතර කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක් පමණ කාන්තාවක්ද කොවිඩ් 19 ආසාදිත තත්ත්වයෙන් අද(22) මියගොස් තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ කාන්තාව පසුගිය 20 වන දින සිය නිවසේදීම මරණයට පත්ව ඇති බවයි. මරණයට හේතුව ලෙස කොවිඩ් නියුමෝනියා තත්ත්වය දැක්වෙන බවයි ඒම නිවේදනයේ දැක්වෙන්නේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්….
Discussion about this post