වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සුව වූ පුද්ගලයින්ගේ රුධිරය භාවිතා කිරීමට එක්සත් රාජධානිය සූදානම් වෙයි.

සුව වූ රෝගීන්ගේ රුධිරයෙන් ලබාගන්නා ප්ලාස්මාවල වෛයිරසය පාලනය කිරීමට හැකි ප්‍රතිදේහ ඇති බව එහි අපේක්ෂාවයි.

කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිකාරයක් හෝ එන්නතක් හෝ සොයාගෙන නොමැති පසුබිමක විද්‍යාඥයින් බලාපොරොත්තු තබාගෙන සිටින එකම ක්‍රමවේදය ද මෙය වෙයි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවන්නේ රුධිරයේ ප්‍රතිදේහ තිබීමෙන් යමෙකුට ප්‍රතිශක්තිය තිබේද යන්න තීරණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බවටයි.

මෙන්න බලන්න තවත් පුවත්